Skip to main content

බර අඩුකරගන්න ස්ලිම් වෙන්න පලමු පියවර | 1st Step to Lose Weight and Get Slim


ප්‍රධානම දේ තමයි මේ කරන වැඩේදි ඔයා අවංකව මේ කියල තියන දේවල් පිලිපදින්න ඕනෙ ,මගේ පැත්තෙන් මට පුලුවන් 100000% ක් සහතික වෙන්න ඔයා කියල තියන දේවල් ටික හරියට කලොත් අනිවාරෙන් කෙට්ටු වෙනවා කියලා.

මුලින්ම ඔයා ඇග අඩු කරන්න පටන් ගන්න කලින් ඔයාට කොහොමද මේක වෙන්නෙ කියල සරල අවබධයක් ගන්න වෙනවා,

මොකද මේ වෙන්නෙ මොකක්ද කියන එක ගැන ඔයාට අවබෝධයක් තියනවා කියන්නෙ ඔයාට මේක කරන්න අනිවාරෙන් උනන්දුව ඇති වෙනවා කියන එක.

සරලවම කිව්වොත් අපිට ජීවත් වෙන්න අපේ ඇගට ශක්තිය අවශ්‍ය වෙනවා , ඉතින් අපේ ඇගට අපි ශක්තිය ගන්නෙ අපි කන කෑම වලින් , 

ඒ වගේම තමා අපේ ඇග පවත්වාගෙන යන්න අපිට ආහාර ගන්න ඕනෙ වගේම ඒවා ගන්න ඕනෙ හරි ප්‍රමාණෙකුත් තියනවා ,

ඉතින් ඒ ශක්ති ප්‍රමානය මනින්න අපි පාවිච්චි කරනවා කැලරි (Calorie) කියලා මිනුම් ඒකකයක් , සමහරවිට ඔයාල අහලත් ඇති , ඒත් ඒක ගැන වැඩි අවබෝධයක් නැතුව ඇති,

මන් ඊලග පියවරේදී කැලරි ගැන කියලා දෙන්නම් , ඒක අනිවාරෙන් මේ වැඩේදි දැනගෙන ඉන්න ඕනෙ එකක් ,

හරි අපි දැන් මෙහෙම උපකල්පනය කරමු, 

1 වෙනි දවස 

ඔයාගෙ ශරීරය පවත්වාගෙන යන්න ඔයාට අද දවසෙ කැලරි 3,000 ක් අවශ්‍ය වෙනවා, ඒත් ඔයා අද කැලරි 4,000 ක කෑම කාල ඉන්නෙ කියල උපකල්පනය කරන්න.

  • එතකොට අද දවසේ ඔයාගෙ ඇගට ඕනෙ වෙලා තිබ්බ කැලරි වලට වඩා ඔයා අරගෙන තියනවා,
  • ඔයාගේ ඇගට ඕනෙ වෙලා තිබුන කැලරි 3000ක ප්‍රමානය ඔයාගෙ ඇග විසින් පාවිච්චි කරනව,
  • තව කැලරි 1000 ක් ඉතුරු වෙනවා ඔයාගෙ ශරීරයේ, ඒ ඉතුරු වෙලා තියන කැලරි ටික ඔයාගෙ ඇග විසින් පස්සෙ වෙලාවට පාවිච්චි කරන්න කියල ශරීරයේ තැන්පත් කරගන්නවා , 
  • ඒවා තැන්පත් කරගන්නෙ අපේ ශරීරයේ මේදය විදිහට, ඉතින් ඔයා අද මහත් වෙන්නේ අන්න ඒ දේ නිසා තමයි




ඒ වගේම තවත් දවසක ඔයාට කැලරි 3000ක් ඕනෙ වෙලා ඔයා එදා දවසෙ ගත්ත ආහාර වලින් ඔයාට ලැබුනෙ කැලරි 2000යි කියලා උපකල්පනය කරන්න

  • එතකොට අද දවසේ ඔයාගෙ ඇගට ඕනෙ වෙලා තිබ්බ කැලරි වලට වඩා අඩුවෙන් තමයි ආහාර අරන් තියෙන්නේ
  • ඔයා ආහාරයට ගත්ත කැලරි 2000 ශරීරය පාවිච්චි කරනවා, නමුත් තව කැලරි 1000ක් ශරීරයට තව අවශ්‍ය වෙලා තියනවා
  • අන්න ඒ අඩු වෙලා තියන කැලරි ප්‍රමානය අපේ  ශරීරයේ තැන්පත් වෙලා තියෙන මේදයෙන් තමා අරගන්නෙ
  • එතකොට එහෙම ගන්න වෙලාවට ශරීරයේ තැන්පත් වෙලා තියන මේදය අඩු වෙන්න ගන්නවා.

දැන් මම හිතනවා ඔයාට පුන්චි හරි අවබෝධයක් ලැබෙන්න ඇති ඔයා මහත් වෙන එකට හේතුව කියලා, ඒ වැටහීමත් එක්ක ඔයාට මේ වැඩේ කරගෙන යන්න ගොඩාක් ලේසි වෙනවා. 

ඒ වගේම කෙට්ටු වෙන එක ඔයාල හිතන තරම් අමාරු දෙයක් නෙමෙයි , ඕනෙම කෙනෙක් ට කෙට්ටු වෙන්න පුළුවන් හරියට මේ දේ අවබෝධයක් ඇතුව කලොත් , 

කිලෝ 114 හිටපු මම කිලෝ 74 ට අද බර අඩුකරගත්තා වගේ මේ ඇප් එක / වෙබ් එක හදල මේ දේ ඔයාලට දෙන මගෙත් එකම බලාපොරොත්තුව ඔයාලගෙත් බර අඩුකරගන්න උදව්කරන එකයි.


ඒ වගේම මේ වැඩේ පලවෙනි පියවර විදිහට අපි අපේ ඇහ මේ වැඩේට හරිගස්සගන්න අවශ්‍යයි , ඉතින් ඒ නිසා උඩ මම කියල තියන කැලරි ගැන මුකුත් හිතන්නෙ නැතුව දවස් 5 - 7 ක් පහල මම කියල තියන ආකාරයට කරන්න ,

මතක තියාගන්න , තමන්ට අවංක වෙලා මේ වැඩේ කරන්න , ප්‍රතිඵල ඔයාට බලාගන්න පුලුවන්.

  • ඔයා වෙනදට කන ආහාර වේල් තුන කද්දි කාපු ප්‍රමානෙට වඩා අදුවෙන් කෑම කන්න ඕනෙ දවස් 5-7ක් යනකන් ,ඒ කියන්නෙ ඔයා වෙනදට් බත් හැදි 4ක් බෙදා ගත්ත නම් 2ක් බෙදා ගන්න , 2ක් බෙදා ගත්ත නම් 1ක් බෙදාගන්න.

  • උදේට, දවල්ට , හවසට බොන තේ එක නතර කරගන්න බැරිම නම් දවස් 5-7ක් යනකන් උදේටයි හවසටයි සීනි නොදා බොන්න උත්සහ කරන්න , බරිම නම් සීනි හැන්දක් වගේ දාල බොන්න.
  • ප්‍රධාන ආහාර වේල් වලට අමතරව තේ බොන / ප්‍රධාන ආහාර වේල් ගන්න වෙලාවල් වලට අතර මැදින් ගන්න බිස්කට් , ශෝට් ඊට්ස් ඇතුලු සියළුම ආහාර ජාති ගන්න එකෙන් වලකින්න,


  • සීනි අඩංගු ආහාර ගැනීම පුලුවන් තරම් අඩු කරන්න , පැනි රස බීම , කිරි පැකට් ඇතුලු සියලුම දේවල් නතර කරන්න , මොකද ඒවගෙ සීනි අඩංගු වෙන නිසා , ඒත් එහෙම ඉන්නම බැරිනම් නෝමල් Coca Cola , Sprite , Pepsi වගේ දේවල් බොන්නෙ නැතුව Zero නිශ්පාදන බොන්න , මොකද ඒවගෙ සීනි නෑ  කෘතීම පැනිරස තියෙන්නෙ ඉතින් ඒවට ශරීරයේ සීනි මට්ටම වැඩි වෙන්නෙ නෑ  
Sprite zero / Coca Cola zero / Pepsi zero








  • දිනකට අවම වතුර ලීටර් 2-3 අතර ප්‍රමාණයක් බීමට ගන්න , කෙට්ටු වෙන එකට වතුර අවශ්‍ය ප්‍රමානයට බොන එක අනිවාර්‍යයයි ඒක නිසා අවම ලීටර් 2ක් වත් බීමට ගන්න, ඔයාලට අමතර ආහාර ගන්න එක 

නවත්තන්න උන නිසා ඔයාලට එක්ක කන්න උවමනා වෙන වෙලාවට ඒව කන්න උත්සහ කරන්නෙ නතුව් ඒ වෙලාවට වතුර බොන්න , එතකොට ඒක අමතක කරන්න ඔයාලට උදව්වක් වේවි.


ඉතින් ඔන්න ඔය දේවල් ටික දින 5ක් 7ක්  කරන්න , අමාරු දෙයක් නෙමෙයි , අපිට ලස්සන වෙන්න , කෙට්ටු වෙන්න නම් ඔය දේවල් ටික සතියක් ඔයාට කරන්නම වෙනවා ,

තමන් අධිෂ්ඨාන කරගන්න ඔයාගෙ ජීවිතේ ලස්සන කරගන්න ඔයා ඔයාගෙ ජීවිත කාලෙන් පුන්චිම පුන්චි මාස 3ක් 5ක් වගේ කෙටි කාලයක් ලේසියෙන්ම කිසිම අමාරුවක් නැතුව කරන්න පුලුවන්,ඔයාගෙ ජීවිතෙ වෙනස් කරන්න පුලුවන් දේකට කැප කරනවා කියලා , එතකොට මේ ගමන යන්න ඔයාට තවත් ලේසි වෙනවා

ඊලගෙ පියවරෙන් ඔයාලට කැලරි ගැන සරලව කියලා දෙනවා , ඒ වගේම ඊලගට මොකක්ද කරන්න ඕනෙ කියලත් කියලා දෙනවා. 

Comments

Popular posts from this blog

2nd Step | කැලරි ගැන ඉගනගමු | Learn About Calorie

කැලරි කියන්නෙ මොනවද ? කැලරි කියල කියන්නෙ අපි ශරීරයට අවශ්‍ය ශක්තිය මැනීමට භාවිතා කරන මිනුම් ඒකකයක් ,වැඩි දේවල් නැතුව සරලවම කිව්වොත් ඒකට තමයි කැලරි කියලා කියන්නෙ, කැලරි සහ කෙට්ටු වීම අතර තියන සම්බන්ධය මොකක්ද? අපිට කෙට්ටු වෙන්න හෝ මහත් වෙන්න ඕනෙ නම් ශරීරය ට ගත යුතු ශක්තිය බලාගන්න වෙනවා , ඒක මැනගන්න අපි භාවිතා කරන්නෙ කැලරි නිසා ඒක කෙට්ටු වෙන එකට අවශ්‍ය වෙනවා  පුද්ගලයාගෙන් පුද්ගලයාට ශරීරයට අවශ්‍ය කැලරි ප්‍රමානය වෙනස් වෙනවා , ඒක ගැහැනු , පිරිමි වශයෙනුත් , තමන් නිරතවෙන කාර්‍යයන් වල තත්වය මතත් , ශරීරයේ ඇති හෝමෝන ක්‍රියාකාරීත්වය මතත් වෙනස් වෙනවා ,  අපිට අපේ ශරීරයට අවශ්‍ය කැලරි ප්‍රමානය 100% හරියටම දැනගන්න අමාරුයි මොකද ඒක අපි කරන දේවල් අනුවත් වෙනස් වෙනවා , ඒ කියන්නෙ අප් මහන්සි වෙන තරමට වගේ ,  උදා:-  ඔබ ශරීරය වෙහෙසවා වැඩ කරන දවසේ හා ඔබ විවේකීව සිටින දවසේ අවශ්‍ය කැලරි ප්‍රමානයන් දෙක වෙනස් වෙනවා , ඔබ විවේකීව සිටින දවසට අවශ්‍ය වෙන කැලරි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමානයක් ඔබ වැඩ කරන දවසට අවශ්‍ය වෙනවා මොකද ඔබේ ශරීරයට වැඩි ශක්තියක් එදාට අවශ්‍ය වෙන නිසා...

ලංකාවේ ගොඩක් අය කෑම කන්නේ මෙහෙමයි | Most of the Sri Lankan People are eats Like this

පලවෙනි කාරණාව තමයි කෑම එක හරියට සකසා ගැනීම නිතර දෙවේලෙ කෑම කනව නම් හරි හැටි කෑම පාලනයක් නැත්තම් එයා එක්සර්සයිස් කලත් , මොනව කලත් ඇති වැඩක් වෙන්නෙ නෑ , ඒයාට කෙට්ටු වෙන්න බෑ ඒක තමයි අපි ගොඩාක් දෙනෙක් වරද්ද ගන්න තැන කෑම පාලනය කරන්න අවශ්‍ය ක්‍රමවේදයක් තියනවා , සාමාන්‍යයෙන් ඔබ දැනට ගෙන යන ආහාර රටාව මේ වගේ ඇති, උදේ අවදි උනාම හොද තේ එකක් බොනවා ඇති හොද පැනි රසට, ඊට පස්සෙ හොදට බඩ පිරෙන්න උදේ ආහාරය ගන්නවා ඇති , (පාන් , රොටී , තෝසෙ , බනිස් , නූඩ්ල්ස් වගේ ආහාර)  ඊට පස්සෙ දවල් ආහාරය ගන්න කලින් ආපහු , තේකක් හරි මොනව හරි පොඩි දෙයක් හරි බඩට දාගන්නවා ,  ඊට පස්සෙ දවල් ආහාරය ගන්නවා ( බත් , ෆ්‍රයිඩ් රයිස් , වගේ දේවල් )  ඊට පස්සෙ ඩෙසර්ට් එකටත් මොනවා හරි කනවා (අයිස් ක්‍රීම් , වටලප්පන් වගේ දේවල්) ඊට පස්සෙ ඔන්න හවස තේ එක බොනවා , මොනව හරි තව බනිස් හරි වෙනත් ක්ශණික ආහාරයක් බඩටත් දා ගන්නවා , ඊට පස්සෙ රාත්‍රී ආහාරය ගන්නවා , බොහෝ දුරට රෑ 8 - 10 අතර , ඒකත් බත් , කොත්තු , ෆ්‍රයිඩ් රයිස් , වගේ ආහාර, ඊට පස්සෙ නිදා ගන්නවා , ආපහු උදේට නැගිට්ටාට පස්සෙ ඒ ටිකම ආ...

හදුන්වාදීම | Introduction

කිලෝ 114ක් බරට හිටපු මම මාස 6කින් කිලෝ 74 ට බර අඩු කරගෙන කෙට්ටු උනේ කොහොමද ? කාලෙක ඉදලා මට තිබුන ලොකුම ප්‍රශ්නයක් තමයි මම ගොඩක් මහත් වීම , හැබැයි මම බත් කන්නෙත් නෑ වැඩිය , ඒත් මම ගොඩක් මහතයි , කෙට්ටු වෙන්නෙත් නෑ , මම හවසට ජොගින්ග් ගිහින් බැලුවා , ජිම් වලට ගියා , මොනවා කලත් මම කෙට්ටු උනේ නෑ , පොඩි දුරක් වත් ඇවිදින්න බෑ කකුල් රිදෙනවා , දනහිස් රිදෙනවා , මහන්සි එනවා , හරියට නිකන් නාකි වෙලා වගේ, ඇදුමක් ගන්න ගියාම අපිට හරියට ලොකු සයිස් එකේ ඇදුමක් නෑ හරිහමන් ගන්න , ඊටත් හපන් තියන ඒවා මිලෙන් වැඩී , සාමන්‍ය කෙනෙක් ඒ මිලට ඇදුම් 3ක් ගන්නවා අපි එකක් ගද්දි , යාලුවන් ගෙන් , නෑයොන්ගෙන් වගේ හැම කෙනෙක් ගෙන්ම එක එක කතා අහන්න වෙනවා , පහතට දාල කතා කරනවා , විහිලු කරනවා , අනිත් අය වගේ දුවල පැනලා , ඩාන්ස් කරලා , සෙල්ලම් කරලා ඉන්න විදිහක් නෑ ,  සරලවම කියනවා නම් අපිට අපේ ජීවිතේ විදින්න ඕනෙ විදිහට විදින්න හම්බ වෙන්නෙ නෑ අපේ ඇගත් එක්ක අපිට ඒක කරගන්න බෑ. ඔබත් මහත නම් , මේ වගෙ මට තිබුන ප්‍රශ්න ගොඩාක් ඔබටත් තියනවා වෙන්න පුළුවන්, ඒ වගේම ඔබත් කෙට්ටු වෙන්න උත්සාහ කරල අවසානෙදි...