Skip to main content

හදුන්වාදීම | Introduction





කිලෝ 114ක් බරට හිටපු මම මාස 6කින් කිලෝ 74 ට බර අඩු කරගෙන කෙට්ටු උනේ කොහොමද ?

කාලෙක ඉදලා මට තිබුන ලොකුම ප්‍රශ්නයක් තමයි මම ගොඩක් මහත් වීම , හැබැයි මම බත් කන්නෙත් නෑ වැඩිය , ඒත් මම ගොඩක් මහතයි , කෙට්ටු වෙන්නෙත් නෑ , මම හවසට ජොගින්ග් ගිහින් බැලුවා , ජිම් වලට ගියා , මොනවා කලත් මම කෙට්ටු උනේ නෑ ,

පොඩි දුරක් වත් ඇවිදින්න බෑ කකුල් රිදෙනවා , දනහිස් රිදෙනවා , මහන්සි එනවා , හරියට නිකන් නාකි වෙලා වගේ,

ඇදුමක් ගන්න ගියාම අපිට හරියට ලොකු සයිස් එකේ ඇදුමක් නෑ හරිහමන් ගන්න , ඊටත් හපන් තියන ඒවා මිලෙන් වැඩී , සාමන්‍ය කෙනෙක් ඒ මිලට ඇදුම් 3ක් ගන්නවා අපි එකක් ගද්දි ,

යාලුවන් ගෙන් , නෑයොන්ගෙන් වගේ හැම කෙනෙක් ගෙන්ම එක එක කතා අහන්න වෙනවා , පහතට දාල කතා කරනවා , විහිලු කරනවා ,

අනිත් අය වගේ දුවල පැනලා , ඩාන්ස් කරලා , සෙල්ලම් කරලා ඉන්න විදිහක් නෑ , 

සරලවම කියනවා නම් අපිට අපේ ජීවිතේ විදින්න ඕනෙ විදිහට විදින්න හම්බ වෙන්නෙ නෑ අපේ ඇගත් එක්ක අපිට ඒක කරගන්න බෑ.

ඔබත් මහත නම් , මේ වගෙ මට තිබුන ප්‍රශ්න ගොඩාක් ඔබටත් තියනවා වෙන්න පුළුවන්, ඒ වගේම ඔබත් කෙට්ටු වෙන්න උත්සාහ කරල අවසානෙදි සාර්ථක ප්‍රතිඵලයක් ලැබුනේ නැති නිසා උත්සහය අත ඇරලා ඉන්නවා වෙන්න ඇති, මොකද මමත් ඒ විදිහටම හිටියා , 

පස්සෙ මම බැරිම තැන ගියා වෛද්‍යවරයෙක් ට පෙන්නන්න  , ඔහු ගියාම කියන්නෙ කෑම පාලනය කරන්න කියලා ප්ලෑන් එකක් දෙන එක සහ  ව්‍යායාම කරන්න කියන එක ,ඒවා කොහොමත් කලින් ඉදන් ම කරලා  අසාර්තක වෙලා හිටියත් ආයෙත් ඔහු කියන ආකාරයට කරල බැලුවා , ඒත් කිසිම පලක් නම් උනේ නෑ , 

ඊට පස්සෙ මම කාගෙන් වත් උපදෙස් ගන්නෙ නැතුවා මේකට තනියම හොයල බලල විසදුමක් හොයාගන්නව කියලා ඉන්ටර්නෙට් එකෙන් බලලා තනියම ඉගෙන ගත්තා මට තිබ්බ ගොඩාක් දේවල් වලට උත්තර , 

ඉතින් ඒ දේවල් අනුගමණය කරලා අද මන් මාස 6ක් ඇතුලත මගෙ බර කිලෝ 40ක් අඩුකරගෙන තියනවා , 

අද මාව දකින ගොඩක් අයට මාව අදුරගන්නවත් බැරි තරම් මන් වෙනස් වෙලා , හැමෝම මන් ලස්සන වෙලා කියනවා , කෙට්ටු වෙලා කියනවා , කලින් මට උන දේවල් කිසිම දෙයක් දැන් වෙන්නෙ නෑ , කව් රුත් මාව පහලට දාල කතා කරන්නෙ නෑ , විහිලු කරන්නෙ නෑ , ජීවිතේ මන් බලාපොරොත්තු උන ලොකුම දේ මට දැන් ලැබිලා , ඒ මට ඕනෙ විදිහට දැන් මගේ ජිවිතේ අරගෙන යන්න මගෙ ශරීරයෙන් බාදාවක් නොවීම.
ඉතින් ඒ විදිහට කෙට්ටු උන මම , ඒ මම ඉගෙනගත්ත දේ ඔයාලට අරගෙන එන්න තමයි මේ හදන්නේ, ඒ වගේම ඒ දේ හිතන තරම් අමාරු වෙන්නෙත් නෑ , ප්‍රතිඵල අනිවාරෙන් ලබාගන්න පුලුවන් කියල මට සහතික වෙන්න පුලුවන් , 

Comments

Popular posts from this blog

බර අඩුකරගන්න ස්ලිම් වෙන්න පලමු පියවර | 1st Step to Lose Weight and Get Slim

ප්‍රධානම දේ තමයි මේ කරන වැඩේදි ඔයා අවංකව මේ කියල තියන දේවල් පිලිපදින්න ඕනෙ ,මගේ පැත්තෙන් මට පුලුවන් 100000% ක් සහතික වෙන්න ඔයා කියල තියන දේවල් ටික හරියට කලොත් අනිවාරෙන් කෙට්ටු වෙනවා කියලා. මුලින්ම ඔයා ඇග අඩු කරන්න පටන් ගන්න කලින් ඔයාට කොහොමද මේක වෙන්නෙ කියල සරල අවබධයක් ගන්න වෙනවා, මොකද මේ වෙන්නෙ මොකක්ද කියන එක ගැන ඔයාට අවබෝධයක් තියනවා කියන්නෙ ඔයාට මේක කරන්න අනිවාරෙන් උනන්දුව ඇති වෙනවා කියන එක. සරලවම කිව්වොත් අපිට ජීවත් වෙන්න අපේ ඇගට ශක්තිය අවශ්‍ය වෙනවා , ඉතින් අපේ ඇගට අපි ශක්තිය ගන්නෙ අපි කන කෑම වලින් ,  ඒ වගේම තමා අපේ ඇග පවත්වාගෙන යන්න අපිට ආහාර ගන්න ඕනෙ වගේම ඒවා ගන්න ඕනෙ හරි ප්‍රමාණෙකුත් තියනවා , ඉතින් ඒ ශක්ති ප්‍රමානය මනින්න අපි පාවිච්චි කරනවා  කැලරි (Calorie)  කියලා මිනුම් ඒකකයක් , සමහරවිට ඔයාල අහලත් ඇති , ඒත් ඒක ගැන වැඩි අවබෝධයක් නැතුව ඇති, මන් ඊලග පියවරේදී කැලරි ගැන කියලා දෙන්නම් , ඒක අනිවාරෙන් මේ වැඩේදි දැනගෙන ඉන්න ඕනෙ එකක් , හරි අපි දැන් මෙහෙම උපකල්පනය කරමු,  1 වෙනි දවස  ඔයාගෙ ශරීරය පවත්වාගෙන යන්න ඔයාට අද දවසෙ කැලරි...

Step 4 | වේගයෙන් බර අඩුකරගමු | Speed Up Weight Loss

මේක බලන්න කලින් තියන අනෙකුත් පියවර 1 , 2 , 3 සහ හදුන්වාදීම අනිවාර්‍යයෙන් බලලා ඉන්න කලින් පියවර ටික ඔයා මේ වෙද්දි බලලා ඉවර නම් දැන් ඔයා දැනගෙන ඉන්න ඕනෙ, කැලරි කියන්නෙ මොනවද කියල කියන්න ඔයාගෙ ඇගට දවසට කැලරි කීයක් අවශ්‍යද් කියලා හදාගන්න කෙට්ටු වෙන්න නම් ඒ ඔයාගෙ ඇගට අවශ්‍ය වෙන කැලරි ප්‍රමානයෙන් කොච්චරක් ද කෑම කන්න ඕනෙ කියල කියන්න ඒ කන්න ඕනෙ කැලරි ප්‍රමානයට කෑම වල තියන කැලරි ප්‍රමානය බලල තමන්ගෙ අවශ්‍ය කැලරි ප්‍රමානයට පමණක් ආහාර ගන්න කාබෝහයිඩ්‍රේට් සහ සීනි වල තියන බලපෑම ගැන මේ හැම දෙයක් ගැනම ඔයා දැන් දන්නවා ,  ඒ වගේම මන් දැන් කියන්න දේ ගැන තේරුම් ගන්න නම් ඔයා ඒ හැම දෙයක් ම දැනගෙන ඉන්නත් ඕනෙ. ලංකාවෙ ගොඩක් අය වෙන්න කියලා පාවිච්චි කරන්නෙ මෙන්න මේ දේවල් එක එක සමාගම් වලින් ඇග කෙට්ටු වෙනවා කියලා ලොකුවට මාකටින්ග් කරලා විකුණන ග්‍රීන් ටී (Green Tea) තවත් එක එක ටැබ්ලට් වර්ග , එක එක පිටි වර්ග,  උඩ කියල තියන ජාති වලින් ඔයා කෙට්ටු වෙන්නෙ නෑ , ඔයාට කෙට්ටු වෙන්න බෑ ඔය උඩ කියල තියන ජාති පාවිච්චි කලා කියල , ඒවා තනිකරම ඔයාගේ අසරණ කමින් ත...