Skip to main content

ලංකාවේ ගොඩක් අය කෑම කන්නේ මෙහෙමයි | Most of the Sri Lankan People are eats Like this




පලවෙනි කාරණාව තමයි කෑම එක හරියට සකසා ගැනීම


නිතර දෙවේලෙ කෑම කනව නම් හරි හැටි කෑම පාලනයක් නැත්තම් එයා එක්සර්සයිස් කලත් , මොනව කලත් ඇති වැඩක් වෙන්නෙ නෑ , ඒයාට කෙට්ටු වෙන්න බෑ ඒක තමයි අපි ගොඩාක් දෙනෙක් වරද්ද ගන්න තැන

කෑම පාලනය කරන්න අවශ්‍ය ක්‍රමවේදයක් තියනවා ,

සාමාන්‍යයෙන් ඔබ දැනට ගෙන යන ආහාර රටාව මේ වගේ ඇති,

උදේ අවදි උනාම හොද තේ එකක් බොනවා ඇති හොද පැනි රසට,
ඊට පස්සෙ හොදට බඩ පිරෙන්න උදේ ආහාරය ගන්නවා ඇති , (පාන් , රොටී , තෝසෙ , බනිස් , නූඩ්ල්ස් වගේ ආහාර) 

ඊට පස්සෙ දවල් ආහාරය ගන්න කලින් ආපහු , තේකක් හරි මොනව හරි පොඩි දෙයක් හරි බඩට දාගන්නවා , 

ඊට පස්සෙ දවල් ආහාරය ගන්නවා ( බත් , ෆ්‍රයිඩ් රයිස් , වගේ දේවල් ) 

ඊට පස්සෙ ඩෙසර්ට් එකටත් මොනවා හරි කනවා (අයිස් ක්‍රීම් , වටලප්පන් වගේ දේවල්)

ඊට පස්සෙ ඔන්න හවස තේ එක බොනවා , මොනව හරි තව බනිස් හරි වෙනත් ක්ශණික ආහාරයක් බඩටත් දා ගන්නවා ,

ඊට පස්සෙ රාත්‍රී ආහාරය ගන්නවා , බොහෝ දුරට රෑ 8 - 10 අතර , ඒකත් බත් , කොත්තු , ෆ්‍රයිඩ් රයිස් , වගේ ආහාර,

ඊට පස්සෙ නිදා ගන්නවා , ආපහු උදේට නැගිට්ටාට පස්සෙ ඒ ටිකම ආයෙ කරනවා. 

ලංකාවේ හැම කෙනෙක් ම ආහාර ගන්නෙ මේ විදිහට , ඕක තමා ආහාර රටාව.

අන්න ඒ ආහාර රටාව නිසා තමයි අපිට මොනව කරල වත් කෙට්ටු වෙන්න බැරි 

ඒ ඔක්කොම සම්පූර්ණයෙන්ම ඔයාලට මන් ඵැහැදිලි කරනවා පියවර වශයෙන්

Comments

Popular posts from this blog

බර අඩුකරගන්න ස්ලිම් වෙන්න පලමු පියවර | 1st Step to Lose Weight and Get Slim

ප්‍රධානම දේ තමයි මේ කරන වැඩේදි ඔයා අවංකව මේ කියල තියන දේවල් පිලිපදින්න ඕනෙ ,මගේ පැත්තෙන් මට පුලුවන් 100000% ක් සහතික වෙන්න ඔයා කියල තියන දේවල් ටික හරියට කලොත් අනිවාරෙන් කෙට්ටු වෙනවා කියලා. මුලින්ම ඔයා ඇග අඩු කරන්න පටන් ගන්න කලින් ඔයාට කොහොමද මේක වෙන්නෙ කියල සරල අවබධයක් ගන්න වෙනවා, මොකද මේ වෙන්නෙ මොකක්ද කියන එක ගැන ඔයාට අවබෝධයක් තියනවා කියන්නෙ ඔයාට මේක කරන්න අනිවාරෙන් උනන්දුව ඇති වෙනවා කියන එක. සරලවම කිව්වොත් අපිට ජීවත් වෙන්න අපේ ඇගට ශක්තිය අවශ්‍ය වෙනවා , ඉතින් අපේ ඇගට අපි ශක්තිය ගන්නෙ අපි කන කෑම වලින් ,  ඒ වගේම තමා අපේ ඇග පවත්වාගෙන යන්න අපිට ආහාර ගන්න ඕනෙ වගේම ඒවා ගන්න ඕනෙ හරි ප්‍රමාණෙකුත් තියනවා , ඉතින් ඒ ශක්ති ප්‍රමානය මනින්න අපි පාවිච්චි කරනවා  කැලරි (Calorie)  කියලා මිනුම් ඒකකයක් , සමහරවිට ඔයාල අහලත් ඇති , ඒත් ඒක ගැන වැඩි අවබෝධයක් නැතුව ඇති, මන් ඊලග පියවරේදී කැලරි ගැන කියලා දෙන්නම් , ඒක අනිවාරෙන් මේ වැඩේදි දැනගෙන ඉන්න ඕනෙ එකක් , හරි අපි දැන් මෙහෙම උපකල්පනය කරමු,  1 වෙනි දවස  ඔයාගෙ ශරීරය පවත්වාගෙන යන්න ඔයාට අද දවසෙ කැලරි...

Step 4 | වේගයෙන් බර අඩුකරගමු | Speed Up Weight Loss

මේක බලන්න කලින් තියන අනෙකුත් පියවර 1 , 2 , 3 සහ හදුන්වාදීම අනිවාර්‍යයෙන් බලලා ඉන්න කලින් පියවර ටික ඔයා මේ වෙද්දි බලලා ඉවර නම් දැන් ඔයා දැනගෙන ඉන්න ඕනෙ, කැලරි කියන්නෙ මොනවද කියල කියන්න ඔයාගෙ ඇගට දවසට කැලරි කීයක් අවශ්‍යද් කියලා හදාගන්න කෙට්ටු වෙන්න නම් ඒ ඔයාගෙ ඇගට අවශ්‍ය වෙන කැලරි ප්‍රමානයෙන් කොච්චරක් ද කෑම කන්න ඕනෙ කියල කියන්න ඒ කන්න ඕනෙ කැලරි ප්‍රමානයට කෑම වල තියන කැලරි ප්‍රමානය බලල තමන්ගෙ අවශ්‍ය කැලරි ප්‍රමානයට පමණක් ආහාර ගන්න කාබෝහයිඩ්‍රේට් සහ සීනි වල තියන බලපෑම ගැන මේ හැම දෙයක් ගැනම ඔයා දැන් දන්නවා ,  ඒ වගේම මන් දැන් කියන්න දේ ගැන තේරුම් ගන්න නම් ඔයා ඒ හැම දෙයක් ම දැනගෙන ඉන්නත් ඕනෙ. ලංකාවෙ ගොඩක් අය වෙන්න කියලා පාවිච්චි කරන්නෙ මෙන්න මේ දේවල් එක එක සමාගම් වලින් ඇග කෙට්ටු වෙනවා කියලා ලොකුවට මාකටින්ග් කරලා විකුණන ග්‍රීන් ටී (Green Tea) තවත් එක එක ටැබ්ලට් වර්ග , එක එක පිටි වර්ග,  උඩ කියල තියන ජාති වලින් ඔයා කෙට්ටු වෙන්නෙ නෑ , ඔයාට කෙට්ටු වෙන්න බෑ ඔය උඩ කියල තියන ජාති පාවිච්චි කලා කියල , ඒවා තනිකරම ඔයාගේ අසරණ කමින් ත...