Step 3 | මහත් වෙන්න සීනි සහ කාබෝහයිඩ්‍රේට් බලපාන ආකාරය | How Sugar and Carbohydrates make you Fatter
සීනි කිව්වම ගොඩක් අයගෙ ඔලුවට එන්නෙ අපි කඩෙන් ගන්න සීනි , එහෙමත් නැත්තම් කැට සීනි,
නමුත් සීනි කියන්නෙ අපි ගන්න ආහාර බොහෝමයක අඩංගු වෙන දෙයක්,
අපි පැනි රස එහෙමත් නැතිනම් සීනි අඩංගු කෑම පාලනය කලේ නැත්තම් , මම මේ කියල තියන විදිහට කරත් ඔයාට ප්‍රතිඵලයක් දැකගන්න ලැබෙන එකක් නෑ.
පැනිරස ආහාර ජාති කිව්වම ප්‍රදාන වශයෙන් ,
- චොක්ලට් (Chocolate)
- අදික ලෙස සීනි දැමූ පානයන් ( ෆ්රුට් ජූස් , ක්‍රතීම රසකාරක යෙදූ ජූස් වර්ග)
- කොකා කෝලා , ස්ප්‍රයිට් , පෙප්සි , ෆැන්ටා , ක්‍රීම් සෝඩා
- අයිස් ක්‍රීම්
- යෝගට්
සහ
- කොත්තු
- ෆ්රයිඩ් රයිස්
- පාන්
- ඉදි ආප්ප
- පරාට
- බිරියානි
- බත්
- ආප්ප
වගේ ආහාර පාලනය කරන්න වෙනවා ,
දැන් ඔයා බලනවා ඇති ඇයි මේ පිටි ජාතිත් ලිස්ට් එකේ තියෙන්නෙ කියලා, සරලවම කිව්වොත් ඔයා කන පිටි ආහාර වල ගොඩක් ම තියෙන්නෙ කාබෝහයිඩ්‍රේට් කියන පෝශ්‍ය පදාර්තය , ඉතින් ඒකෙ ගොඩක් ම තියෙන්නෙත් සීනිම තමයි,
ඉතින් කෙනෙක් මහත් වෙනව නම් , කෙට්ටු වෙන්න ට්‍රයි කරත් කෙට්ටු වෙන්නෙ නැති නම් එයා මන් උඩ කියලා තියනවා වගේ සීනි , කාබෝහයිඩ්‍රේට් අඩංගු කැම ගොඩක් ගන්න කෙනෙක් වෙන්න ඕනෙ,
ලෝක සෞක්‍ය සංවිධානය නිර්දේශ කරන්නෙ දවසකට සීනි ග්‍රෑම් 25ක් පමණක් පාවිච්චි කරන්න කියල ,
ඒකත් කෙට්ටු වෙන්න නෙමෙයි , සාමන්‍ය මනුස්සයෙක් ට ඒ සීමාව පන්නන්නෙ නැතුව සීනි භාවිතා කරන්න කියලා.
කොකා කෝලා , ස්ප්‍රයිට් , පෙප්සි , ෆැන්ටා , ක්‍රීම් සෝඩා වගේ මේ දේවල් කොහොමත් බොන්න එපා , ඒ ඒ වෙනුවට ඒව වලම සීනි නැති කොකා කෝලා , ස්ප්‍රයිට් , පෙප්සි වගේ දේවල් දැන් වෙලදපොලේ තියනව Zero කියන නම් වලින් ,
උදා:- Coca Cola Zero , Sprite Zero
අන්න ඒ වගේ ඒවා බිව්වට කමක් නෑ , ඒව වල රසත් සාමන්‍ය කොකා කෝලා වල රසටම සමානයි , අනික ඒවා බිව්වා කියලා ශරීරයට සීනි එකතු වෙන්නෙත් නෑ ..
අපේ ශරීරයේ ඉන්සියුලින් කියලා හොර්මෝනයක් තියනවා , ඔබ ඒ පිලිබදව අහලත් ඇති , අපිට කෙට්ටු වෙන්න ඕනෙ නම් ඒ හොර්මෝනය හැම වෙලාවකම අඩු මට්ටමක ශරීරයේ තබා ගන්න ඕනෙ , එහෙම නැති උනොත් ඔයා කන ආහාර අසාමාන්‍ය විදිහට ඔයාගෙ ශරීරයේ මෝදය විදිහට තැන්පත් කරගන්නව ,
ඉතින් ඔයාගෙ ශරීරයේ ඉන්සියුලින් ප්‍රමානය අවම මට්ටමක තියාගන්න නම් හැම වෙලාවෙම . පැනි රස සහ පිටි සහිත ආහාර පාලනයක් කරන්න වෙනවම තමයි , ඒක නිසාමයි මම ඔයාලට පලමු පියවරේදිත් තේ එහෙම බොද්දි සීනි නොදා බොන්න උත්සහ කරන්න කිව්වේ ,
මේ විදිහට ඔයා පිටි , සීනි අඩංගු ආහාර පාලනයක් කලොත් ඔයාගේ ශරීරයේ බර අඩු වෙන වේගය තවත් ඉක්මන් වෙනවා, ඔයා පලවෙනි පියවරින් අපි කිව්ව ආකාරයට කරගෙන යනකොට හැම වෙලාවෙම මේ පිලිබදව සිහි තබාගෙන කරගෙන යන්න උත්සාහ කරන්න .
දැන් ඔයා කැලරි ගැන වගේම සීනි කාබෝහයිඩ්‍රේට් කෙට්ටු වෙන්න බලපාන්නෙ කොහොමද කියලා දන්නව , සම්පුර්ණයෙන්ම නැතත් කෙට්ටු වෙන්න ඕනෙ වෙන තරමට හරියට පැහැදිලි කිරීමක් මන් කරා කියලා හිතනවා ,
ඊලග පියවරෙන් ඔයාට මම අරගෙන එනවා ඔයාගෙ ඇග වේගෙන් අඩු කරගන්න , ඒ වගේම මම පාවිච්චි කරපු ක්‍රමය , මොකද ඒක ගැන කියන්න අනිවාරෙන් මන් මේ වෙනකන් කියල තියන දේවල් ගැන් දැනුමක් ලබාගෙන තිබීම අනිවාර්‍ය උනා , ඊලග පියවරෙන් ඔයාලට මට දැන් ඒක අරගෙන එන්න පුලුවන්.

Comments
Post a Comment